වැලිමඩ විජය විද්‍යාලය ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ කලාප අධ්‍යාපන කාර්යාලය හා වැලිමඩ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන බ/ වැලිමඩ විජය විද්‍යාලය ප්‍රදේශයේ ඇති දීප්තිමත්ම පාසලකි. බදුල්ල වැලිමඩ මාර්ගයේ,වැලිමඩ නගරයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇති මෙම පාසල ප්‍රදේශයේ වැඩිම දරුවන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබන ජනප්‍රියතම පාසලය . එක ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා දරුවන් තුන්දහස් එකසීයක් පමණ අධයාපනය ලබන මෙම පාසල TYPE 2 වර්ගයට අයත් පාසලකි. එකේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පංති හැට හතක් පමණ මෙම පාසලේ පවත්වනු ලැබේ. වැලිමඩ විජය විද්‍යාලයේ විජයග්‍රාහී ගමනක අතීත මං සලකුණු වසර 1919 දී වැලිමඩ පිරිමි පාසල නමින් වැලිමඩ හපුතලේ පාරේ ආරම්භ වූ මෙම පාසලේ මුලින්ම සිටියේ පිරිමි දරුවන් හත් දෙනෙකි.පසුව වැලිමඩ ජාතික පාසල පිහිටි ස්ථානයට ගෙන එන ලද මෙම පාසල බ/වැලිමඩ ආණ්ඩුවේ ග්‍රාමීය අධ්‍යාපන ද්වීභාෂා මිශ්‍ර පාසල ලෙස නමින් හඳුන්වා ඇත .1945 මධ්‍යම පාඨශාලාවක් බවට පත් කර දැනට විජය විදුහල පිහිටි භූමියට මෙම පාසල රැගෙන එන ලදී.මෙම...